/”මානය” තිරයට

”මානය” තිරයට

ඩයන්ෆිල්ම්ස් වෙනුවෙන් ඉන්දික රළපනාව නිෂ්පාදනය කල, සිංහල සිනමාවට අධ්‍යක්ෂවරයෙක් ලෙස එක් වෙමින් අංජු ධනංජය අධ්‍යක්ෂණය කළ ”මානය” සිනමාපටය ජූලි 19 සිට තිරගත කිරිම ආරම්භ කළා…

 

මානය සිනමාපටයේ රංගනයෙන් වසන්ත කුමාරවිල, උපේක්ෂා ස්වර්ණමාලි, හේමන්ත ඊරියගම, පවිත්‍රා වික්‍රමසිංහ, දිලිප් මනෝහර, සුමුදු අමල්ක, ප්‍රසන්න උඩගේආරච්චි, කසුන් දුෂාන්ත, ශානක දිලුම් බණ්ඩාර, ඊ. ආශිර්වාද, රසික කුමාර, රොෂාන් ඇස්කි, ලක්සිරි සිල්වා, නිශ්ශංක ද සිල්වා, ආර්. පී. සරත් ඇතුළු පිරිස දායක වෙති.

 

ප්‍රසන්න දේවින්ද ගුරුගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද දමිත් අලුත්ගල සහාය අධ්‍යක්ෂනයෙන්ද දායක වන මානය සිනමාපටයේ අංග රචනය කිරන් ජී.සොයිසා ගෙනි. කසුන් මහවඩුගේ කලා අධ්‍යක්ෂවරයාය. ගී පද රචනයෙන් චුල හංසි මංචනායක, ගායනය සහ සංගීත අධ්‍යක්ෂණයෙන් නිලන්ත සිරි පතිරණ, නිෂ්පාදන කළමනාකරණයෙන් දමිත් අලුත්ගම මානය සඳහා එක්ව සිටිති. වසන්ත කුමාරවිලගේ සටන් අධ්‍යක්ෂණයකි. ඉන්දීවරි දිල්හානි ඇඳුම් නිර්මාණයෙන් දායක වී ඇති අතර අනුර බණ්ඩාරගේ සංස්කරණයකි.