හාර කෝටිය, සිල්ලර සමනල්ලු, කෝටිපතියෝ ඔබ වෙත ගෙන ආ, සද්ධාමංගල සූරියබණ්ඩාර තිර රචනයෙන් හා ජයප්රකාශ් ශිවගුරුනාදන් අධ්යක්ෂනයෙන් නිර්මාණය වන අලුත් ටෙලි නිර්මාණය තමයි “අමුතු රසිකයා”.
ශ්රියන්ත මෙණ්ඩිස්, රොෂාන් පිලපිටිය, සුරාජ් මාපා, සංජය මුරමුදලි, හසිනිකා කරලියද්ද, මනීෂා චංචලා, විරාජ් පෙරේරා, දුලාන්ජ දිල්ශාන් සහ 2018 රූපවාහිනී රූ කුමරිය , ටානියා පෙරේරා ඇතුලු ප්රවීන සහ නවක රංගන ශිල්පීන් රැසක් එකතුවෙන් නිර්මාණය වන අමුතු රසිකයා රසික ඔබට අමුතුම අත්දැකිමක් ගෙන එන බවයි ආරංචි.
පෙබරවරි 12 වන දා සිට සතියේ දිනවල රාත්රී 8.30 ට ජාතික රූපවාහිනියෙන් අමුතු රසිකයා ඔබ හමුවට ඒවි. අමුතු රසිකයාටත් පේ්රක්ෂකයන් උමතු වෙයිද ?
Rupawahini