1976 තිරගත වු මැණික් සන්දසාගර නිර්මාණය කළ “කොළඹ සන්නිය” කතාවට වෙනස් කතාවක් එක් කරමින්, එම චරිත සමග “කොළඹ සන්නිය Return” නිර්මාණය වී ඇත.

හර්ෂ උඩකන්දගේ දෙවන සිනමා නිර්මාණය වන “කොළඹ සන්නිය Return” සිනමාපටය සැප්තැම්බර් මස 21 වැනිදා සිට සිනමා ශාලාවල ප්රදර්ශනය කිරීමට නියමිතය. සහන් අබේවර්ධන, ෂමාල් ඩිල්ෂාන්, දිනිත් කෝර්නෙට් නිෂ්පාදනයක් වන මෙම සිනමා පටය ජනිත් ගුණසේකර කැමරා අධ්යක්ෂණයෙන්ද, හර්ෂ උඩකන්ද තිරකතා රචනයෙන්ද, තිවංක අමරසිංහ සංස්කරණයෙන්ද, ගයාන් උඩවත්ත සංගීත අධ්යක්ෂණයෙන්ද, සුගන්ධ ජනප්රසාද් සහාය අධ්යක්ෂණයෙන්ද, සම්පත් බුලත් සිංහල කලා අධ්යක්ෂණයෙන්ද ධනුෂ්ක හුලංගමුව අංග රචනයෙන්ද දායකත්වය දී තිබේ.
සරත් කොතලාවල, මේනකා මධුවන්ති,රජිත හිරාන්,සැනට් දික්කුඹුර,අශිකා මත්සිංහ,කුමුදුනි අධිකාරි,ඩී.බි. ගංගොඩතැන්න, බොනිපස් ප්රනාන්දු, තිරයට හදුන්වාදෙන රසිකා තිමාලි දෙල්වල, හරිදු වරුණ,ගායාත්රි කාංචනමාලා, මංජුල සේනානායක ඇතුළු පිරිස මෙහි රංගන දායකත්වය සපයා ඇත.