ආදරය, සුන්දරත්වය මෙන්ම ඛේදය, භීතිය හා කුතුහලය පිරි අතීතය හා වර්තමානය එකට සම්බන්ධ කරන අපූරු කතා පුවතක් “1970: ලව් ස්ටෝරි” හා බැඳී ඇත.එය මීට වසර කිහිපයකට පෙර “නිකිනි වැස්ස” ච්ත්‍රපට නිර්මාණය කරමින් ප්‍රේෂක විචාරක ප්‍රසාදයටත්, ඉහළ සම්මාන ගණනාවකටත් හිමිකම් කී “අරුණ ජයවර්ධන” ගේ දෙවැනි ච්ත්‍රපටයයි.
හේමාල් රණසිංහ, ගම්යා විජේදාස, බිමල් ජයකොඩි, මහේන්ද්ර පෙරේරා, අශාන් ඩයස්, සරත් කොතලාවල, සඳනි ප්රනාන්දු, සමන් හේමරත්න ඇතුලු රංගන ශිල්පීන් ගණනාවක් චරිත නිරූපණය කරන “1970: ලව් ස්ටෝරි” තිර රචනය හා අධ්‍යක්ෂණය අරුණ ජයවර්ධන ගෙනි. චන්න දේශප්රිය සිනමා ඡායාරූප අධ්‍යක්ෂවණයෙන්ද, තිස්ස සුරේන්ද්ර සංස්කරණයෙන්ද, සුනිල් ප්‍රේමරත්න කලා අධ්‍යක්ෂණයෙන්ද, තිලිණ රුහුණගේ සංගීත නිර්මාණයෙන්ද එක්වන මේ ච්ත්‍රපටය සමන් එදිරිසිංහගේ නිෂ්පාදනයක් ලෙස නුදුරේම තිරගත වනු ඇත.