/“ඇලඩින් සහ පුදුම පහන” සිනමාපටය මෙම මස 26 වැනිදා සිට

“ඇලඩින් සහ පුදුම පහන” සිනමාපටය මෙම මස 26 වැනිදා සිට

අරාබි නිසොල්ලාසයේ එන කතාවක් ඇසුරෙන් සුමිත් කුමාර අධ්‍යක්ෂණය කරන ලද “ඇලඩින් සහ පුදුම පහන” සිනමාපටය මෙම මස 26 වැනිදා සිට එම්. පී. අයි. සහ එල්. එෆ්. ඩී. මණ්ඩලවල සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
ප්‍රසාද් විජේසූරියගේ නිෂ්පාදනයක් වන මෙම සිනමා පටය නිලන්ත චූලරත්න කැමරා අධ්‍යක්ෂණයෙන්ද, අජිත් මෙන්ඩිස් තිරකතා රචනයෙන්ද, ශාන් අල්විස් සංස්කරණයෙන්ද, ධනංජය මංචනායක සහාය අධ්‍යක්ෂණයෙන්ද, ප්‍රියන්ත රාමනායක කලා අධ්‍යක්ෂණයෙන්ද දායකත්වය දී තිබේ.
ධනංජය සිරිවර්ධන, උදාරි වර්ණකුලසූරිය, අශිකා මතසිංහ, ඩී. බී. ගංගොඩතැන්න, දිල්හාරා රාජපක්ෂ, නිමල් පල්ලෙවත්ත, සේනක ටයිටස්, නෙතු ප්‍රියංගිකා, ප්‍රියන්ත මංසිළු, රෝහිත ඩයස්, රෝයි මැක්ලවුඩ්, දයාසිරි හෙට්ටිආරච්චි සමඟ බිංදු බෝතලේගම ඇතුළු පිරිස මෙහි රංගන දායකත්වය සපයා ඇත.
ගීත ගායනය සමන් ලෙනින් සහ ශාන්ත පීරිස් විසින් සිදු කර ඇති අතර සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රුවින් ඩයස් විසිනි.