/රයිගමයයි – ගම්පලයයි දැන් රිදි තිරයේ
රයිගමයයි – ගම්පලයයි දැන් රිදි තිරයේ

රයිගමයයි – ගම්පලයයි දැන් රිදි තිරයේ

ලලිත් ප්‍රේමතිලකයන්ගේ ප්‍රථම සිනමා නිර්මාණයවු රයිගමයයි ගම්පලයයි ළමා චිත්‍රපටය මේ වන විට දිවයින පුරා සිනාමා ශාලාවල ප්‍රදර්ශනය වේ.
පැරණි ජනකතා ඇසුරෙන් ළමුන් වෙනුවෙන්ම මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත.
හරේන් නාගොඩවිතාන, දිලිනි සිල්වා නිෂ්පාදනයෙන් දායක වු අතර,
හර්ෂමාන පණ්ඩිතරත්න, කුෂාන් විජේසිංහ සම නිෂ්පාදනයෙන් දායකත්වය ලබාදී ඇත.
ගිරිරාජ් කෞශල්‍ය සහ කුමාර තිරිමාදුර විසින් මෙහි ප්‍රධාන චරිත නිරුපනය සිදුකරනු ලැබේ.
විජේරත්න වරකාගොඩ, රෝහිත් මාන්නගේ, පියුමි හංසමාලි, ඉසුරු නවෝද, ලක්‍ෂමන් අමරසේකර, මල්කි ප්‍රනාන්දු ,ලලිත් ප්‍රේමතිලක, සමින්ද පුෂ්පකුමාර, රොෂාන් සන්ජේ හේරත්, හේමන්ත ජයලත්, නදීශා මේධානි, උෂාන් පෙරේරා, විජිත බණ්ඩාර, මංගල ශ්‍රී පෙරේරා, හෙන්රි ප්‍රේමරත්න, ආනන්ද විජේතිලක, ජලිත දුලාන් වන්නිනායක, සමිත මදුශාන්, චමින්ද කුමාර, සමන් ශාන්ත ලන්කපුර, නිමල් ඉරුගල් බණ්ඩාර, ඉනෝක සම්පත් මැද්දෙපොල යන රංගන ශිල්පින්ද තම දායකත්වය ලබා දි ඇත.